පැහැරගත් මහනුවර සිසුවිය පොලිස් මෙහෙයුමකින් සොයාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

පැහැරගත් මහනුවර සිසුවිය පොලිස් මෙහෙයුමකින් සොයාගැනේ

පැහැරගත් මහනුවර සිසුවිය පොලිස් මෙහෙයුමකින් සොයාගැනේ

මහනුවර පිහිටි ප්‍රධාන පෙලේ පාසලක සිසුවියක් පැහරගෙන ගොස් ඇත. ඒ අද (15) පෙරවරුවේ ඇයගේ නිවස ඉදිරිපිට දී පැහැරගෙන ගොස් තිබේ.

කෙසේ නමුත් ඇයව පැහැරගත් පිරිස විසින් පැය තුනකට පමණ පසුව ප්‍රදේශයේ තවත් පාසලක් අසල ඇය දමාගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා. 12 හැවිරිදි එම සිසුවිය මහනුරව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අද පෙරවරු 6.45 ට පමණ නිවසින් පිටතට පැමිණ ඇත්තේ මුඛ ආවරණයක් ලබා ගැනීමට අසල නිවසකට යාම සඳහා යි. එහිදී ඇයව යම්කිසි පිරිසක් විසින් වෑන් රථයකින් පැමිණ පැහැරගත් බවට පසුව ඇයගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය එම නිවසට පැමිණ විමර්ශන කරන අතර තුර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගෙන ඇත.

පසුව පොලිස් තොරතුරු සන්නිවේදන ඒකකය විසින් ඇයගේ ජංගම දුරකථන සංඥා ඔස්සේ පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මහනුවර නගරයෙන් ස්ථාන කිහිපයක ගමන් කරන බවකි.

පසුව ඇයව ප්‍රදේශයේ පිහිටි තවත් ප්‍රධාන පෙලේ පාසලක් අසල පෙරවරු 9.45 ට පමණ දමාගොස් සිටිය දී පොලිසිය විසින් සොයා ගෙන ඇත.පැහැර ගැනීම සම්භන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ. ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

views

1148 Views

Comments

arrow-up