20 ගැන TNA ස්ථාවරය කල්යයි

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය නිල වශයෙන් තීරණය කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (08 වැනිදා) රැස්වීමට නියමිතව තිබුණත්, ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර ප්ලොට් හා ටෙලෝ පක්ෂවල නායකයින් දෙපළ සහභාගි වූයේ නැත.
මේ සන්ධානයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පසුගියදා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (08 වැනිදා) රැස්ව අවසන් තීරණය ප්‍රකාශ කරන බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වී සාකච්ඡා කළ ද හවුල් පක්ෂ නායකයින් සහභාගීත්වයකින් තොරව තීරණයක් ගත නොහැකි බවත්, බොහෝ විට අනිද්දා (10 වැනිදා) මේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ සියලුම නියෝජිතයින්ට අදහස වී ඇත්තේ 20 වැනි සංශෝධනය රටට හා ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බවයි. නමුත් දේශපාලන බලවේගයක් වශයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොහැති බවද ඔවුහු පැවසූහ.
768 Views
Comments