ආණ්ඩුවේ සනුහරේම චොකා මල්ලිගෙ ජාතියේ අය තමා. මගෙන් අහගන්න එපා - ෆොන්සේකා

ආණ්ඩු පක්ෂයේ සිටින සියලුම මැති ඇමතිවරුන්, මරණීය දණ්ඩනය නියම වී සිටින චොකා මල්ලි පන්නයේ අය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
"ව්‍යවස්ථාව කියන්නෙ නීතීඥයොන්ට විතරක් තේරෙන එකක් වෙන්න බෑ. ව්‍යවස්ථාව කියන එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කියවැව්වාම තේරෙන්න ඕනෙ.
ඔබතුමා ඉදිරියේ දිවුරුවේ මරණ දණ්ඩනයට නියම වෙච්ච පුද්ගලයෙක්. ඔය ඉන්න සනුහරේම ඒ ජාතියේ. මගෙන් කියවාගන්න එපා. ඉස්සර මං හිතුවෙ එකයි කියලා. බැලුවාම සනුහරේම ඒ ජාතියේ.
මාව හිරදඬුවමකට නියම කළා. මාව නියම කළේ කැලෑ උසාවියකින්. මාව අත් අඩංගුවට ගන්න නියෝග කළේ එවකට හිටපු ජනාධිපති. හමුදාවේ ප්‍රතිපත්ති කැඩුවා. නඩුවෙ තීන්දුව අත්සන් කළේ, දඬුවම අත්සන් කළේ ඔක්කොම වර්තමාන අගමැති ඒ වෙලාවෙ ජනාධිපති හැටියට.
මේ ගැටේ හරි නේද ?
මම හිරගෙදර ගියේ මන්ත්‍රී කෙනෙක් වුණාට පස්සෙ. අද අපි දකිනවා හිරේ ගිහිල්ලා, එල්ලුම් ගස් නියම වෙච්චි එක්කෙනෙක් ඇවිල්ලා මන්ත්‍රී හැටියට දිවුරනවා. අධිකරණය තීරණය දීලා තියෙන්නෙ ජනතාව මෙයාව තෝරාගත්ත නිසා මෙයාට ඇවිල්ලා දිවුරන්න දෙන්න කියලා. ඉතා පැහැදිලිව කියලා තියෙනවා එතැනින් එහාට සැසිවාරයට සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම තීරණය කළ යුත්තේ ඔබතුමා කියලා. ඔබතුමාගේ පැත්තට දැන් බෝලය දාලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (08) මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමිනි.
කෙසේවෙතත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ අධිකරණ නියෝගය අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාට සියලු මන්ත්‍රී වරප්‍රසාද හිමිවන බවකි.
770 Views
Comments