මහනුවර, කුණ්ඩසාලේ කොරෝනා රෝගියෙක් – ආශ්‍රිතයින් 40ක් නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

මහනුවර, කුණ්ඩසාලේ කොරෝනා රෝගියෙක් – ආශ්‍රිතයින් 40ක් නිරෝධායනයට

මහනුවර, කුණ්ඩසාලේ කොරෝනා රෝගියෙක් – ආශ්‍රිතයින් 40ක් නිරෝධායනයට

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.

 

ඒ කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන උපදේශකවරයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.

 

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ යුධ හමුදා නිලධාරියෙකුට වන අතර ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

 

මෙම නිලධාරියා ඉකුත් ජුනි 25 වෙනිදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර පසුව ජුලි 06 වෙනිදා යලි කඳවුර වෙත ගොස් තිබෙනවා. එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇත.

 

මෙම උපදේශකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ අය මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති අතර ඇසුරු කළ සෙසු පුද්ගලයින් ද මේ වන විට සොයමින් පවතින බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේය.

 

views

756 Views

Comments

arrow-up