නිමල් පෙරේරාට ස්තුති කරමින් මංගල සිංහල බෞද්ධ සම්පත් බැංකුවේ සිය ගිණුම ඉවත් කර ගනී

දෙහිවල සම්පත් බැංකු ශාඛාවකට පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවකට හිස් ආවරණ සමග බැංකුවට ඇතුළුවීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබේ.
ඒ සමගම නැවත ජාතිවාදය උත්සන්න වෙමින් පවතින අතර ඇතැම් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයන් අදාල සම්පත් බැංකු ශාඛාවේ නිළධාරීන් සහ ඔවුන්ගේ හිතුවක්කාරී ක්‍රියාකලාපය වීරත්වයට ඔසවා තැබීමටද උත්සාහ දරමින් සිටී.
මේ අතර මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ සම්පත් බැංකුව පිහිටුවා තිබෙන්නේ සිංහල බෞද්ධයන්ට සේවය කිරීම සඳහා පමණක් බවයි.
I feel that my tweet abt SampathBank has been misinterpreted. I was merely pointing out the initial concept behind forming the bank. I believe you would have understood my stance if you have followed my tweets carefully. May be today the bank would have deviated from this concept https://t.co/eNTNKivfiX
— Nimal Perera (@nimalhperera) July 3, 2020
නිමල් පෙරේරා මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ සම්පත් බැංකුව සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සපයන ආයතනයක් නොවන බව පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් නිමල් පෙරේරා මහතාට ස්තුතිවන්ත වන බවයි.
ජාතිවාදය හා ආගම්වාදය ප්‍රතික්ෂේප කරන තමා සිංහල බෞද්ධ සම්පත් බැංකුවේ තමන්ට අයත් ගිණුම ඉන් ඉවත් කර ගන්නා බවත් ඒ වෙනුවට ජාති, ආගම්, කුල භේද නොසලකා සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සපයන බැංකුවක් සමග ගනුදෙනු කරන බවත් සමරවීර මහතා පවසනවා. එමගින් සම්පත් බැංකුවට එතරම් පාඩුවක් නොවන නමුත් තමාට මූලධර්ම වඩා වැදගත් බව ඔහු වැඩිදුරටත් පවසයි.
1766 Views
Comments