රියැලිටි ෂෝ පිටුපස ළමයි ලිංගික අතවරයට ලක් වෙලා !

රූපවාහිනී රියැලිටි වැඩසටහන් වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක්කළේ යැයි කියන පුද්ගලයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රූපවාහිනිය පසුතල නිර්මාණ කරුවෙකු යැයි කියන මෙම පුද්ගලයා දිගු කලක් තිස්සේ මෙම අපයෝජන ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන්.
අපයෝජනයට ලක් වුණේ යැයි සැක කෙරෙන දරුවන් අතර ළමා නළුවන් සිටින බවත් වාර්තා වනවා.
අපයෝජන ක්‍රියා වීඩියෝ දර්ශන හැටියට නිර්මාණය කර ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
සැකකරුවන්ගෙන් හෙළි වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
796 Views
Comments