කුලියාපිටියේ "වොක්ස්වැගන්" කාර් ෆැක්ටරිය ඉදිකර අවසන් - අකිල විරාජ් [Video]
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
19

කුලියාපිටියේ "වොක්ස්වැගන්" කාර් ෆැක්ටරිය ඉදිකර අවසන් - අකිල විරාජ් [Video]

කුලියාපිටියේ "වොක්ස්වැගන්"  කාර් ෆැක්ටරිය ඉදිකර අවසන් - අකිල විරාජ්  [Video]

පසුගිය රජය විසින් ආරම්භ කරන ලද කුරුණෑගල මෝටර් රථ කර්මාන්තශාලාව මේ වන විට ඉදිකිරීම් 90%ක් අවසන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

 

වොක්ස්වැගන් මවු ශාඛාවේ ප්‍රශ්නයක් නිසා එය වෙස්ටන් ඔටෝ මොබයිල් නම් වෙනත් සමාගමක් හරහා ඉදිකළ බව ද ඔහු පවසයි.

 

කුලියාපිටිය ලබුයාය හන්දියේ ඉදිකර ඇති මෙම කර්මාන්ත ශාලාව ආසියාවේ ලොකුම කර්මාන්ත ශාලාවක් වනු ඇතැයි තමන් සිතන බවද ඔහු පැවසීය.

 

මෙහි ඉදිකිරීම් 90%ට වඩා දැන් අවසාන වී ඇති බවත් ඔහු පැවසුවේය.

 

බිලියන ගණනක ආයෝජනයක් වන මෙමගින් වාහන වර්ග හතරක් නිෂ්පාදනය කිරීමට යෝජනා කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

 

හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති වැඩසටහන සමග එක්වෙමිනි.

 

 
කුළියාපිටියේ කාර් හදන ෆැක්ටරිය මෙන්න

කුළියාපිටියේ කාර් හදන ෆැක්ටරිය මෙන්න

Posted by Akila Viraj Kariyawasam on Saturday, July 18, 2020

views

858 Views

Comments

arrow-up