සර්පයකු දෂ්ඨ කළ බව කියා පුත්තලම රෝහලට ඇතුළු කළ දැරියගේ මරණය අභිරහසක්... .. මරණයත් සමග මවගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලායයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
19

සර්පයකු දෂ්ඨ කළ බව කියා පුත්තලම රෝහලට ඇතුළු කළ දැරියගේ මරණය අභිරහසක්... .. මරණයත් සමග මවගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලායයි

සර්පයකු දෂ්ඨ කළ බව කියා පුත්තලම රෝහලට ඇතුළු කළ දැරියගේ මරණය අභිරහසක්...  .. මරණයත් සමග මවගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලායයි

පුත්තලම පොලිස් වසමට අයත් ආසිරිගම ප‍්‍රදේශයේ දස හැවිරිදි දැරියකට සර්පයකු දෂ්ට කළ බව පවසා ඇයගේ දෙමාපියන් විසින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මිය ගොස් ඇති අතර ලද තොරතුරු මගින් එම මරණය සැක කටයුතු මරණයක් බව පුත්තලම පොලිසිය පවසයි.


 
 මෙසේ මියගොස් ඇත්තේ ආසිරිගම පදිංචිව සිටි නෙත්තසිංහ ආරච්චිලාගේ සෙනුරි සේපාලිකා වාසල නමැති දැරියයි.


 
 එම දැරිය 16 දා* උදෑසන දැඩි ලෙස අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.


 
 දැරියගේ මව රෝහල් පොලිසියට දන්වා ඇත්තේ සර්පයකු දෂ්ඨ කළ බවයි. නමුත් මෙම මරණය සම්බන්ධව රෝහල් පොලිසිය පුත්තලම මූලස්ථාන පොලිසියට දැන්වීමෙන් පසුව පරීක්ෂණ අරඹා තිබේ.


 
 මරණයට පත් දැරියගේ මව විවාහ දෙකකදී දරුවන් අට දෙනෙකු සිටින බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


 
 පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් එම දැරිය පදිංචි නිවස පිහිටි ඉඩම තුළ
16 දා* සවස සිදුකළ විමර්ශනවලදී නිවස ආසන්නයේ වළ දමා තිබූ ලේ කැටිති තැවරුණු ඇඳුම් කීපයක් සොයා ගෙන ඇත.


 
 දැරියගේ මරණයත් සමග මවගේ අනියම් සැමියා ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.
 

 

views

829 Views

Comments

arrow-up