පොලිස් නිලධාරියාගේ ජීවිතය උදුරා ගත්තේ රත්වත්තේ පවුලේ පුතෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

පොලිස් නිලධාරියාගේ ජීවිතය උදුරා ගත්තේ රත්වත්තේ පවුලේ පුතෙක්

පොලිස් නිලධාරියාගේ ජීවිතය උදුරා ගත්තේ රත්වත්තේ පවුලේ පුතෙක්

කොළඹ ජාතික රෝහලේදී ලක්‍ෂ 79 මුදලක් කොල්ලකෑ වෛද්‍යවරයා හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අනතුරකට පත්වන විට රිය පදවා ඇත්තේ රත්වත්ත පවුලේ ඥාති පුත‍්‍රයෙකු බව වාර්තා වනවා.

 

අදාළ පොලිස් නිලධාරියා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන් ගත් යතුරු පැදිය ඉකුත් 11 වන දා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වුණා.

 

අදාල ඩිපෙන්ඩර් රථය පදවා ඇත්තේ මේ නීති සිසුවෙකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්තයි.

 

රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ ඥාති සබඳතා ගැන සොයා බැලීමක් සිදු නොකරන බවයි.

අදාල අනතුර සම්බන්ධයෙන් සියළුම කටයුතු නීත්‍යානුකූල සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන්

 

views

909 Views

Comments

arrow-up