ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක

ඩෙංගු  සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා.

 


ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩු වුවද යළි රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 


කොරෝනා මර්දනයට සමගාමිව පැවති ඇදිරි නීති කාලසීමාවේ ජනතාව තම ගෙවතු පවිත‍්‍රව තබාගැනීම හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩුවීමට හේතුවක් ලෙස හදුනාගෙන තිබෙනවා.

 

 


පළාත් අතර සංචරණ සීමාවීමද තවත් සාධකයක්. මේ වනවිට යළි ජනතාව සුපුරුදු රාජකාරිවලට පැමිණීම හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩි අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.

 


 බහුල වශයෙන් බස්නාහිර පළාත හඳුනාගෙන ඇති බවයි සඳහන් කළ නමුත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ඩෙංගු රෝගයේ අවධානම පවතින බවත් සඳහන් කළා.

 


ඩෙංගු රෝගය මෙන්ම මී උණ රෝග තත්ත්වයද ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

 


එබැවින් කුඹුරු ආශි‍්‍රතව කටයුතු කරන ගොවීන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියාසිටියේ.

 

views

719 Views

Comments

arrow-up