පරිපාලනමය වශයෙන් අසාර්ථක රාජ්‍යයක් ! - බිමල්

රථවාහන හැසිරවීම කළමනාකරණය සඳහා මිලිටරි පොලිසිය සම්බන්ධ කර ගැනීමට ජනාධිපති ගෝතභය රාජපක්ෂ මහතා ගත් තීරණයෙන් පසු ජේවීපී පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ආන්දෝලනාත්මක ට්වීටර් පණිවුඩයයක් පළ කර තිබෙනවා.
පරිපාලනමය වශයෙන් අසාර්ථක රාජ්‍යයක් කරා යන ශ්‍රී ලංකාව? ජනාධිපති-හිටපු මිලිටරි, ලේකම් ආරක්ෂක-හිටපු මිලිටරි, කොළඹ වරාය-හිටපු මිලිටරි, ගුවන්තොටුපල -එක්ස් මිලිටරි, වී අස්වැන්න මිලදී ගැනීම - මිලිටරි, රථවාහන කළමනාකරණය - මිලිටරි, කොරෝනා ප්‍රතිකාර - මිලිටරි, 100000 රැකියා යෝජනා ක්‍රමය-මිලිටරි… ”මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව සදහන් කරමින් ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.
කොළඹ නගර රථවාහන අංශය සමඟ සහයෝගයෙන් නගර තදබදය සමනය කිරීම සඳහා යුද හමුදාවේ මිලිටරි පොලිසියේ සාමාජිකයින් නව පැවරුමක් යටතේ කොළඹ ප්‍රදේශයේ වඩාත් ජනාකීර්ණ පිවිසුම් / පිටවීමේ ස්ථානවල යොදවා තිබීම පිළිබඳවයි ඔහු මෙලෙස ප්‍රශ්ණ කර තිබුණේ.
781 Views
Comments