රට විවෘත කළද හෙට සිට සාමාන්‍ය ජනතාවට මගී ප‍්‍රවාහන සේවා තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
10

රට විවෘත කළද හෙට සිට සාමාන්‍ය ජනතාවට මගී ප‍්‍රවාහන සේවා තහනම්

රට විවෘත කළද හෙට සිට සාමාන්‍ය ජනතාවට මගී ප‍්‍රවාහන සේවා තහනම්

හෙට සිට දෙසතියක් ගතවනතුරු මගී ප‍්‍රවාහන සේවා සාමාන්‍ය ජනතාවට විවෘත නොකරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මගී ප‍්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

 


හෙට සිට දෙසතික් ගතවන තුරු දුම්රිය, බස් හා අනෙකුත් ප‍්‍රවාහන සේවාවල ගමන් කළ හැක්කේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවාවල නිරත වුවන්ට පමණයි.

 


එමෙන්ම සියළු ප‍්‍රවාහන සේවා විධිමත් හා සෞඛ්‍යාරක්‍ෂිත විය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලබාදී ඇති උපදේශයේ දැක්වෙනවා. රටේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට රජය මේ වන විට තීරණය කර ඇති අතර, ඊට අදාලවයි මෙම උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන්නේ.

 

views

688 Views

Comments

arrow-up