ජාතික ජන බලවේගය මැකොගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
15

ජාතික ජන බලවේගය මැකොගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ජාතික ජන බලවේගය මැකොගෙන්  සාකච්ඡාවක් ඉල්ලයි

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය හා ඉදිරි මැතිවරණය පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසන් සභාවෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇත.


  
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්තික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසන් සභාව වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.


 
 කොවිඩ්ර 19 වයිරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් කළ යුතු යැයි අදහස් කරන බැවින් මෙම ඉල්ලීම කරන බව එම ලිපියේ සඳහන්ව ඇත.


 
 එබැවින් මෙම ගැටළුවේ ඇති වැදගත්කම සලකා ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් ලෙස අපට මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවක් සඳහා ඉක්මන් දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසද එමගින් ඉල්ලා තිබේ.

views

635 Views

Comments

arrow-up