මාස තුනක් යන තෙක් රටින් මුදල් පිට කිරීම තහනම් - මුදල් ඇමැති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
08

මාස තුනක් යන තෙක් රටින් මුදල් පිට කිරීම තහනම් - මුදල් ඇමැති

මාස තුනක් යන තෙක් රටින් මුදල් පිට කිරීම තහනම් - මුදල් ඇමැති

විදේශ රටවල ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා මෙරටින් මුදල් (විදේශ විනිමය) පිටතට ගෙන යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

 

මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාස 03 ක කාලයක් සඳහා මෙලෙස ශ්‍රී ලාංකිකයන්ට (ශ්‍රී ලාංකික නේවාසිකයන්ට) රටින් මුදල් පිට කිරීම තහනම් කර තිබේ.

 

කෙසේ වෙතත් රටින් පිටත සිටින්නන්ගෙන් ලබා ගන්නා විදේශීය මුදල් වෙනත් රටක ආයෝජනය කිරීමට හෝ රටෙහි මේ වන විට පවතින නියාමන අවශ්‍යතාවන් සපුරාදීම සඳහා සිදුකරන ආයෝජන මෙන්ම ව්‍යවහාර මුදල් ගිණුම් හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදු කරන ජංගම ගනුදෙනු සඳහා මුදල් රටින් පිට කිරීම තවදුරටත් සිදු කිරීමට මෙම ගැසට් නිවේදනයෙන් අවකාශ සලසා දී තිබේ.

views

709 Views

Comments

arrow-up