ජයග්‍රහණය ලබා මිස කොරෝනා සටන අත්හරින්නේ නැහැ - මහින්ද

රජයට අදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍ය වී තිබුණත් කොරෝනා වයිරසයෙන් ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත් අත් හරින්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාත් ප්‍රශංසා කළ බවද පැවසීය.
කොරෝනා වසංගතය ලෝකයෙන් වාර්තා වූ මොහොතේ සිටම ජනාධිපතිවරයාත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළ බවද අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
වරකට දහස් ගණන් නිරෝධායනය කළ හැකි නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා ඇතැයි කී අගමැති රාජපක්ෂ මහතා මෙම නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නොව සියලු පහසුකම් දින 14ක් පුරා නො අඩුව ලබා දෙන ස්ථාන යැයි ද කීවේය.
මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය හිනාවෙව් එළියට එන්නේ ඒ නිසා බවද අගමැතිවරයා සඳහන් කළේය.
රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ගෙවල්වල සිටින නමුත් ඔවුන් සියලු දෙනාටම අප්‍රේල් මාසයේ වැටුප ගෙවන්නට දැනටමත් කටයුතු කර අවසන් බවද අගමැතිවරයා පැවසීය.
මේ මිනී වළෙන් ගොඩ එන්නට හැකි වන්නේ පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් පමණක් බවද දිගු කාලයක් ගත නොකර හැකි ඉක්මනින් මේ වසංගතය ජය ගත යුතු බවද අගමැතිවරයා කීවේය. වෙනත් රටවල් කොරෝනා වයිසරය හමුවේ මුහුණ දී ඇති ඛේදවාචකයට මුහුණ නොදී නැගි සිටින්නට අපේ රටට යැයි ද අගමැති රාජපක්ෂ මහතා කීවේය.
920 Views
Comments