ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා - ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා - ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා  - ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් සඳහා අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

 


මෙලෙස තාවකාලික ගුවන් සේවා තහනමක් පැනවීමට තීරණය කොට ඇත්තේ ආගොස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කිරිමත් සමගයි.

 


මිට අමතරව තවත් ගුවන් සේවා දෙකක ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා පාළනාධිකාරිය තීරණය කොට ඇති බවයි Xinhua පුවත් සේවය නිවේදනය කර සිටියේ.
අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

 


ඒ ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට  පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුවයි.

 

views

1331 Views

Comments

arrow-up