අම්ෆන් ප්‍රභල සුළි කුණාටුව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් - කාලගුණය අනතුරු අඟවයි

අම්ෆන් සුළි කුණාටුව අති ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ඈත මුහුදේ ස්ථානගතවී ඇති බැවින් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
මේ අතර ආපදා හේතුවෙන් එක් අයෙකු මිය ගොස් පවුල් 32 කට අයත් 131 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා. අවතැන්වූවන්ට සහන සැලසීමට පියවර ගෙන ඇති බවයි අදාළ නිලධාරීන් පවසන්නේ.
ඉදිරි පැය 12 තුළදී අම්ෆන් අති ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී අනිද්දා පස්වරුවේ බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා. එහි බලපෑමෙන් ඉදිරි පැය 48 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමිටර 150 ඉක්මවූ තද වැසි හා විටින් විට තද සුළං ඇති විය හැකියි. මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර 200 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවීමේ අවදානමක් පවතිනවා. දිවයින හරහා ද පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර තද සුළං ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ රැසකින් තද වැසි වාර්තා වුණා. අද අලුයම 2 ට පමණ කහටගස්දිගිලිය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය අධික සුළං හේතුවෙන් එක් අයෙකු මිය ගොස් නිවාස 20 කට හානි සිදුවුණා. කුඹුරේ පැලේ සිටියදී කඩා වැටුණු ගසකට යටවිමෙන් එලෙස මිය ගියේ හැට දෙහැවිරිදි අයෙක්. සුළඟින් මාර්ගවලට හා විදුලි රැහැන් මතට ගස් කඩා වැටි විදුලිය ඇණ හිට ගමානගමනයට ද බාධා සිදුවුණා.
811 Views
Comments