විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචිය 20 දා සිට

විදේශ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
එහි පළමු පියවර ලෙස දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සදහා අනුමැතිය දීම පමණක් දැනට සිදු කරන බව කාර්යංශය සදහන් කළේ.
මේ අනුව කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලය, සියලූම පළාත් කාර්යාල සහ දිස්ත‍්‍රික් කාර්යාලවලින් මෙම ලියාපදිංචිය සිදුකරන බව ද එහි දී විදේශ රැකියාවක නිරතව සිට දැනට ලබා පැමිණ සිටින නැවත රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තු වන අයට එහි දී ප‍්‍රමුඛත්වය ලබා දෙනවා.
රැකියා සදහා කාර්යංශයෙන් සාමාන්‍යයෙන් ඉල්ලා සිටින ලිපිලේඛණ වලට අමතරව දකුණු කොරියාව, ජපානය කැනඩාව, ජර්මනිය, යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ගෙන්වාගන්නා ශ්‍රී ලාංකිකයන් එම රටේදී නිරෝධායනයට ලක් කරන බවට එවනු ලබන සහතිකයක් ද ඉදිරිපත් කළ යුතුයි.
මැදපෙරදිග හා අනෙක් රටවල් වලට යාම සදහා ලියාපදිංචිය ඉදිරියේ දී ආරම්භ කරන බව සදහන්.
විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම කොරෝනා වසංගතයට ශ්‍රීලංකාව ගොදුරුවීම නිසා ඉකුත් මාර්තු 13 වැනිදා නවත්වනු ලැබූ අතර මේ ලියාපදිංචිය ආරම්භ වන්නේ එසේ නවත්වනු ලැබීමෙන් පසුවයි.
633 Views
Comments