මැතිවරණය පැවැත්වීමට හැකි බව පැවසීම විහිළු සහගතයි – අලවතුවල

මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ට අයිතියක් නොමැති බවත් මැතිවරණ පැවැත්වීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී J.C. අලවතුවල මහතා පවසයි.
ඊයේ(24) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළකළේය.
දිනෙන් දින රෝගීන් වැඩි වන පසුබිමක තවමත් ඇඳිරි නීතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල අඛණ්ඩව ක්‍රියාත්මක වන තත්වයක් තුල දින දෙකක් දිවයිනටම ඇඳිරි නිතිය පනවා තිබියදී මැතිවරණය පැවැත්වීමට හැකි බවට ප්‍රකාශ ලබා දීමට ඇති පදනම කුමක්දැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
මැතිවරණය පැවැත්වීමට සුදුසු වටපිටාවක් පවතින්නේනම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ජන ජීවිතය අපහසු තාවයට පත්කිරීමට හේතුවක් නොමැති බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
මැතිවරණයක් පැවැත්වීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් බවත් රැස්වීම කටයුතු සඳහා මෙන්ම ඡන්දය භාවිතා කරන දිනයේදී දිගු පෝලිම් වලට මිනිසු ඒකරාශී වනවා මෙන්ම ඡන්දය ගණනය කරන ස්ථාන වල ඉතා කුඩා කාමර තුල විශාල පිරිසක් එකතු වීම වැළක්විය නොහැකි බව ඔහු සඳහන් කළේය.
මෙවන් තත්වයක් තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් මැතිවරණය පැවැත්වීමට හැකි බව පැවසීම විහිළු සහගත තත්වයක් බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
754 Views
Comments