පහළොස් හැවිරිදි දැරියට ‘දස දෙනෙක්’ අතරවර කරලා – හයක් හසුවේ

සෙවනගල මයුරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක තරුණයින් දස දෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි අතවරයට ලක් කිරීමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතවරයට පත්ව ඇත්තේ සෙවනගල මයුරගම පදිංචි 15 හැවිරිදි දැරියකි.
මෙම දැරියගේ පෙම්වතා බව කියන තරුණයෙකු මෙම දැරිය අවස්ථා කිහිපයකදිම ඇඹිළිපිටිය ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර පසුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතා විසින් මෙම දැරිය හදුන්වා දි තිබුණා.
ඒ අනුව පෙම්වතාගේ මිතුරන් පස් දෙනෙකු විසින් මෙම දැරිය රවටා පසුගිය දිනක සෙවනගල ඉදිකොලපැලැස්ස පාළු නිවසකට රැගෙන ගොස් අතවරයට ලක් කර ඇති බව හෙළිව තිබෙනවා.
ඉන් පසු තවත් තරුණයන් සිව් දෙනෙකුද ඊයේ (19) පෙරවරුවේ මෙම දැරිය රවටා ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් අපයොජනයට ලක් කර තිබුණා.
දැරිය ඊයේ (19) තරුණයින් සිව් දෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් යනු ඇයගේ ඥාතියෙකු දැක ඒ බව දැරියගේ මවට පවසා ඇති අතර ඒ අනුව මව දැරියගෙන් සිදු කල විමසීමකදී දැරිය මවට සියළු විස්තර පවසා තිබෙනවා.
පසුව මව දැරිය සමග සෙවනගල පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී දැරිය විසින් ලබා දි ඇති තොරතුරු වලට අනුව සෙවනගල ප්‍රදේශයේම පදිංචි තරුණයින් 06 දෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියගේ පෙම්වතා ඇතුළු තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
715 Views
Comments