ගුවන් තොටුපොළ සැප්තැම්බර් මාසය අවසානයේදී විවෘත කිරිමට සැලසුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
24

ගුවන් තොටුපොළ සැප්තැම්බර් මාසය අවසානයේදී විවෘත කිරිමට සැලසුම්

ගුවන් තොටුපොළ සැප්තැම්බර් මාසය අවසානයේදී විවෘත කිරිමට සැලසුම්

සැප්තැම්බර් මස අග වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පුරවැසියන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් සංචාරකයින්ට ද ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසෙන බවද හෙතෙම පැවසීය.

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපල 2020 මාර්තු සිට තාවකාලිකව වසා දමනු ලැබුවා.

එහි ප්‍රථිපලයක් ලෙස මෙරට සිරවී සිටි සංචාරකයින් නැවත ඔවුන්ගේ රටට යළි පිටත් කර යැවීමටත් මව්රට රජය උදව් කළ අතර විදේශයන්හි අතරමංව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කරනු ලැබුවා.

 

views

666 Views

Comments

arrow-up