අධිකරණ ඇමතිත් දන්නැත්තං මම දන්නෙ කොහොමද 20 හැදුවෙ කවුද කියලා - සීතා අරඹෙපොල
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

අධිකරණ ඇමතිත් දන්නැත්තං මම දන්නෙ කොහොමද 20 හැදුවෙ කවුද කියලා - සීතා අරඹෙපොල

අධිකරණ ඇමතිත් දන්නැත්තං මම දන්නෙ කොහොමද 20 හැදුවෙ කවුද කියලා - සීතා අරඹෙපොල

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය සකස් කළ කවුද යන්න දන්නේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අධිකරණ ඇමතිවරයාම බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය පවසනවා. ඊයේ (14) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන් සඳහන් කළේ, අධිකරණ ඇමතිවරයාද 20 හැදුවේ කවුරුන්දැයි තමා නොදන්නේ යැයි පවසන බවයි. ඊට පිළිතුරු දෙමින් ඇමතිවරිය සඳහන් කරන්නේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ අධිකරණ ඇමතිවරයාද එය නොදන්නේ නම් තමා දැනගන්නේ කෙසේද යනුවෙනි.

දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවත්, 20 වැනි සංශෝධනය ගෙන එන්නේ ඒ වනතෙක් ඇතිවන රික්තකය පිරවීම සඳහා බවත්, රාජ්‍ය ඇමතිවරයා පවසනවා.

පළාත් සභා සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය ඇමතිවරයා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සීතා අරඹෙපොල මහත්මිය සඳහන් කළේ පළාත් සභා අනවශ්‍ය නම් පූර්ණ සාකච්ඡාවකින් අනතුරුව නව ව්‍යවස්ථාව හරහා එය අහෝසි කළ හැකි බවයි. කෙසේ නමුත් 13 වැනි සංශෝධනය අනුව දැනට පළාත් සභා ක්‍රියාත්මකව තිබෙන බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බව ද ඇය පෙන්වා දෙනවා.

 

views

810 Views

Comments

arrow-up