ඡන්ද මධ්‍යස්ථාන විෂබීජ හරණය කරයි - පොලිස් ජංගම රාජකාරී අද සිට

මැතිවරණයට අදාළ පොලිස් ජංගම රාජකාරී අද සිට ආරම්භ වෙනවා. අද පස්වරු 06.00 සිට එම කටයුතු ආරම්භ කරන බවයි පොලීසිය නිවේදනය කරන්නේ
මේ අතර, මැතිවරණ රාජකාරිය සඳහා යොදාගන්නා පොලිස් නිලධාරීන් අද අදාළ රාජකාරී ස්ථාන වෙත වාර්තා කළ යුතුව තිබෙනවා.
ඔවුන්ට මැතිවරණ නීතිය, වගකීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සැසියක් අද පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.
මේ අතර, මහ මැතිවරණ ඡන්ද විමසීමට පෙර දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු අද සහ හෙට සිදුකරන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා
735 Views
Comments