කොරෝනා තුරන් වීමට වසර ගණනාවක් ගත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

කොවිඩ් 19 වසංගත තත්වය ලෝකයෙන් තුරන්වීමට තවත් වසර ගණනාවක් ගත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ලංකාවේ යම්කිසි මට්ටමකට පාලනය වුවද යළි වෙෙරසය විදේශයන්ගෙන් පැමිණීමේ හැකියාව තිබෙන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කරනවා.
මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට ජනතාවට විශාල වගකීමක් පැවරෙන බවයි ඒ මහතා කියා සිටියේ.
" COVID කියන්නේ පළමුවෙන්ම බය විය යුතු කාරණයක් නෙවෙයි... COVID කියන්නේ සැලකිලිමත් විය යුතු අපගේ අවධානය නිරන්තරයෙන්ම යොමුවිය යුතු ලෝක මට්ටමේ වෛරසයක්....
ඒ නිසා අපි නිතරම අවධානය යොමු කරන්න ඕනි මේ රටේ වෛරසය තුරන් වුණා කියලා යම්කිසි මට්ටමකට වෙෙරසය තුරන් වන්න තව වසර ගණනාවක් වගේ කල් ගතවෙයි...
ඒ හින්දා පිටරටකින් ඕනෑම වෙලාවක මේ රටට වෙෙරසය එන්න පුළුවන්.... නැවතත් මේ රට තුළ වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව පවතිනවා....
හැබැයි එක වාසනාවට කාරණාවක් තමයි මේ වෛරසය ව්‍යාප්ත දෙන ක්‍රමවේදයන් දැන් අපි හඳුනා තිබෙනවා....
අපි ඒවට සරල ක්‍රමවේද මඟින් වළක්වාගන්න පුළුවන්.... ඒක මේ දැන් පිළිබඳව අප මේ වන විට දැනුවත් වෙලා තිබෙනවා....
ඉතින් ඒ හින්දා වෛද්‍යවරයෙක් හැටියට මේ වෙලාවේ ජනතාවට දෙන උපදේශය තමයි මේ සෞඛ්‍ය අංශ වලින් ලබාදෙන උපදෙස් සහ මෙය ආරක්ෂක අංශ වලින් ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරන්න....
යම් කිසි තැනක එය දුර්වල වෙනවා නම් අඩපණ වෙනවා නම් ඔබ ක්‍රියාත්මක වෙන්න ඔබ එය නිවැරදි කරන්න.... ඒක තමයි හොදම ක්‍රමවේදය....."
660 Views
Comments