කාෙරෝනා අස්සේ ලංකාව තවත් අනතුරක; අප්‍රිකාව වැනසූ කාන්තාර පළගැටියන් ලංකාවටත්?

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පළගැටි විශේෂයක් අධික ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් බෝග රැසකට හානි සිදුව තිබෙනවා.
මෙම පළගැටියන් දින දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වූ රංචු වශයෙන් සැරිසරන මෙම පළගැටි විශේෂය බඩ ඉරිඟු, කෙසෙල්, පේර, අඹ වැනි සෑම බෝගයකම දක්නට ලැබෙන බවයි ගොවීන් පවසන්නේ.
පළගැටි විශේෂය මර්දනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම් .ඩබ්ලිව් වීරකෝන් මහතා ගොවි ජනතාවට දැනුම් දෙන්නේ , බෝග වගාවන් ආශ්‍රිතව එම පළගැටි විශේෂය දක්නට ලැබුණහොත් වහාම දැනුම් දෙන ලෙසයි.
මේ අතර අප්‍රිකානු කලාපයේ පැතිර යන කාන්තාර පලඟැටි උවදුරක් හේතුවෙන් මේ වන විටත් රටවල් රැසක් පීඩා විදිනවා.
කාන්තාර පලඟැටි උවදුර මුල් වරට හඳුනා ගැනුනේ ඉකුත් දෙසැම්බරයේදී සෝමාලියාවෙන්. කාන්තාර පලඟැටියන් බිලියන ගණනක් මේ වන විට නැගෙනහිර අප්‍රිකානු රටවල් පුරා ව්‍යාපත වී ගියා.
අනතුරුව මෙම පළඟැටියන් කෙන්යාව සහ ඉතියෝපියාවටත් ඉන් පසු උගන්ඩාවට හා දකුණු සුඩානයටත් පැතිර ගියා.
මේ වන විට කාන්තාර පළඟැටියන් බිලියන ගණනක් අදාළ රටවල භූමි ප්‍රදේශ රැසක්ම සිය ග්‍රහණයට ගෙන ඇති අතර කාන්තාර පළඟැටි ආක්‍රමණය හේතුවෙන් නැගෙනහිර අප්‍රිකාවේ බෝග වගාවන් රැසකටද හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ආහාර අනාරක්ෂිත භාවයක් මතුව ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය පෙන්වා දෙන්නේ.
පළඟැටි උවදුර පාලනය කිරීම සඳහා ගුවනින් කෘමිනාශක ඉසීමට කටයුතු කළද පළඟැටියන් සිය ගමන් වේගය කිහිපගුණයකින් වැඩි කරගනිමින්, එනම් දිනකට කිලෝමීටර් 150ක පමණ දුරක් පියාසර කරමින් සිටින නිසා මෙම උපක්‍රමයද අසාර්ථක වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ ලංකාවේ ව්‍යාප්ත වන පළගැටියන්ගේ ඡායාරූප....
875 Views
Comments