නැගෙනහිර මුහුද රළුයි - ධීවර කටයුතුවලින් වළකින්නැයි උපදෙස්

දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
වැසි තත්ත්වය: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනට ඊසාන දෙසින් සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසිද ඇතිවිය හැක. |
සුළඟ: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ. ගාල්ල සිට කොළඹ සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. (70-80) දක්වා වැඩි විය හැක. |
මුහුදේ ස්වභාවය: |
ගාල්ල සිට කොළඹ සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. |
728 Views
Comments