මුල්ලේරියාව මූලික රෝහලේ කණිෂ්ඨ සේවකයින් වැඩ වරයි

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව මූලික රෝහල) කණිෂ්ඨ සේවක මණ්ඩලය අද උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ දිනයේ පස්වරුවේදී රෝහල් රාජකාරියේ යෙදී සිටි කණිෂ්ඨ සේවකයින් තිදෙනකුව මුල්ලේරියාව පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් වැඩ වර්ජනයේ නිරත වන්නේ.
මුල්ලේරියාව මූලික රෝහල රෝහල් අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට එම සේවකයින් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට තමාට දැනුම් දී ඇති බවයි.
879 Views
Comments