කරාපිටිය රෝහලේ මියගිය දෙදෙනෙකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

කරාපිටිය රෝහලේ මියගිය දෙදෙනෙකුට කොරෝනා

කරාපිටිය රෝහලේ මියගිය දෙදෙනෙකුට කොරෝනා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳෙවියකුට හා හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) තහවුරු වි තිබෙනවා

 

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ එම රැඳවියාගේ ශරීරයේ තිබූ තුවාල නිසා ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මේ අතර හෘද රෝගයකින් පෙළුණු කාන්තාවක් ඊයේ (22) කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු 52 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.

 

මෙම කාන්තාව මියයාමෙන් පසු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා

 

 

views

781 Views

Comments

arrow-up