JAN
23
වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ 39 දෙනෙකු කොවිඩ්

වෙන්නප්පුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකයින් 39 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.කේ.එම්. සුසන්ත කුමාරසිංහ මහතා පවසනවා.
මේ අතර මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.
එම දේවස්ථානය ආශ්‍රිතව තවත් පියතුමන්ලා 50ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ හඳුනාගත් ආසාදිතයින් ඊයේ (21) රාත්‍රියේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
2376 Views
Comments