නිරෝදායනයෙන් මසකට පසුවද කොවිඩ් වෛරසය සමාජ ගත වීය හැකියි – වෛද්‍ය සුදත් සමරවීර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

නිරෝදායනයෙන් මසකට පසුවද කොවිඩ් වෛරසය සමාජ ගත වීය හැකියි – වෛද්‍ය සුදත් සමරවීර

නිරෝදායනයෙන් මසකට පසුවද කොවිඩ් වෛරසය සමාජ ගත වීය හැකියි – වෛද්‍ය සුදත් සමරවීර

කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දී මාස අටක් ගත වූ පසුව ජනතාව තුළ තිබූ සෞඛ්‍යාරක්ෂිත පුරුදු ක්‍රමයෙන් ගිලිහී යාම ඉදිරියේදී යම් ලෙසකින් සමාජයෙන් කොවිඩ් – 19 ආසාදිතයකු හමුවුණොත් ඇතිවන තත්ත්වය තීව්‍ර කිරීමට සමත් වන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
මුඛ ආවරණ නිසි ලෙස පැලඳීම, මීටරයේ දුර පවත්වා ගැනීම, සබන් යොදා නිතර අත සේදීම වැනි කොවිඩ් – 19 වයිරසය වැලඳීමෙන් වැළකීමට භාවිත කළ සෞඛ්‍ය පුරුදු ජනතාව අමතක කළද කොවිඩ් පැතිරයාමේ අවදානම එලෙසින්ම පවතින බවද හෙතෙම කීවේය. මෙරට සාමාන්‍ය සමාජය තුළින් අවසන්වරට කොවිඩ් ආසාදිත පුද්ගලයකු වාර්තා වූයේ පසුගිය අගෝස්තු 02 වෙනිදායි.
කොවිඩ්වලට අදාළ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී ලබාගන්නා ශ්ලේෂ්මල සාම්පලයේ ඇතැම්විට වයිරසය නොමැති විය හැකි බැවින් ආසාදිත පුද්ගලයකුගේ පවා පී.සී.ආර්. පරීක්ෂණය සෘණාත්මක විය හැකි බව පැවසූ අධ්‍යක්ෂවරයා මාසයක් නිරෝධායනයේ යෙදෙමින් සියලු ආරක්ෂිත ක්‍රමවේද භාවිත කළද වයිරසය සමාජගත වීමේ අවදානමක් පවතින බවද කියා සිටියේය. ඒ අනුව ජනතාව කොවිඩ් වසංගතය අමතක කොට හැසිරීම තමන්ටත් සමස්ත සමාජයටත් කරන හානියක් ලෙස ඔහු පෙන්වා දුන්නා.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රට පුරා ඇඳිරි නීතිය පනවා මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබියදී සහ අනතුරුව ක්‍රමයෙන් රට විවෘත කිරීමේදී පනවා තිබූ නීති වර්තමානයේ ක්‍රියාත්මක නොවන බවද මෙහිදී අධ්‍යක්ෂවරයා පැවසීය. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර පැවති අයුරින්ම පොදු ප්‍රවාහන සේවාවල මගීන් ගමන් කරන බවත් අත සේදීමට සවි කර තිබූ ජල කරාමවල ජලය නොමැති බවත් සබන් හෝ පිරිසුදු කාරක ද්‍රව්‍ය වෙනදා මෙන් නොමැති බවත් කී අධ්‍යක්ෂවරයා මීටරයේ දුර පවත්වා ගැනීම ඇතුළුව කොවිඩ් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ මාර්ගෝපදේශන කිසිවිටෙකත් ලිහිල් නොකළ බවද සඳහන් කළේ.

 

views

887 Views

Comments

arrow-up