කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශන අරඹන්න - පොලිස්පතිගෙන් නියෝග

කරුණාඅම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් විසින් සිදුකරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.
ඒ ඔහු එල්ටීටීඊ සාමාජිකයෙකු වශයෙන් සිටියදී කළ බව කියන අපරාධ පිළිබඳ ප්‍රකාශයක් සම්බන්ධවයි. ඒ අනුව ඔහුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
593 Views
Comments