අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යව සිටින ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම වෙනස් කොට ඇති බවට නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දී සිටිනවා.
නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය විසින් තමන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දුන් බවත් අර්ජුන් මහේන්ද්‍රන් සිය නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කොට තිබෙන බවයි වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම නඩුව අද (16) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින දැනට අධිකරණය මඟ හැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර්“ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි දැනුම් දුන්නේය.
799 Views
Comments