තමන් කෙරේහි ජනතාව තැබු විශ්වාසය පළුදු විමට ඉඩ තබන්නේ නැහැ - ජනපති

අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.
අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ රජය විසින් විශේෂ නිවාඩු දින ලබා දුන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නැවැත්වීමට බවත් එම නිසා ඒ සඳහා සහය වන ලෙසත්ය.
එම නිසා ගමන් බිමන්,සමුහ වශයෙන් එකරාශිවීම් ,උත්සව සහ සාද වලින් සම්පුර්ණයෙන් වැලකි සිටිමට වගබලා ගතයුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රජය විසින් ලබා දී ඇති උපදෙස් පිලි පැදීම තුලින් මෙම වෛරස් තත්ත්වය සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් කිරීමට හැකියාව ලැබේන බවද ජනාධිපතිවරයා පවසයි.
රටතුල උද්ගත වී ඇති නියං තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ ඒ සඳහා රජයක් ලෙස ගොවීන්ට සහන ලබා දිය යුතු බවයි.
ජීවන මිල පාලනය කළ යුතු බවත් ඒ සඳහා රාජ්‍ය නිළධාරින් කැපවි කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.
වත්මන් රජය පාලනයට පැමිණිමත් සඳහා රට පාලනය කර ගැනීම නම් අයවැයක් සම්මතකර ගැනීමට අවශ්‍ය බවත් එම නිසා අතුරු සම්මත අයවැයක් ඉදිරිපත් කළද ඒ සදහා විපක්ෂයේ සහය නොලැබුණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
නායකයන් ක්‍රියා කළ යුත්තේ ආත්ම විශ්වාස ඇති මිසක් ජනතාව අතර අනිසි බියක් ඇති කිරීම නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි
මින් පෙරද තම පාර්ශවය අභියෝග වලට මුහුණ දි ජය ගෙන ඇති බවත් ඒ සඳහා වත්මන් රජය සුදානම් බවත් ජනාධිපතිවරයා පවසයි.
සෑම වෙළඳ සැලකම අද රාත්‍රීයේ සිට පරිප්පු කිලොවක් උපරිම සිල්ලර මිල රුපියල් 65කට විකිණිය යුතු බවත් සැමන් ටින් එකක් රුපියල් 100කට විකිණිය යුතු බවත් තමන් නියෝග කර ඇති බවද ජනාධිපතිවරයා එහිදි පැවසීය.
තවත් සහන රැසක් ලබා දීමට ඉදිරියේදි කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති , බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කිරීමට තමන් අණ කරණ බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ තමන් කෙරේහි ජනතාව තැබු විශ්වාසය පළුදු විමට ඉඩ නොතබන බවයි.
1194 Views
Comments