“හමුදාව මැරුවට මාව අත්අඩංගුවට ගන්න බෑ ” - කරුණා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
22

“හමුදාව මැරුවට මාව අත්අඩංගුවට ගන්න බෑ ” - කරුණා

“හමුදාව මැරුවට මාව අත්අඩංගුවට ගන්න බෑ ”  - කරුණා

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසනවා.

 

‘‘කොරෝනාවට වඩා තමන් භයානක බවත්, එක දිනකදී හමුදාවේ 2000ක් පමණ මරා දැමූ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්නවා. පුවත්පතක් කළ විමසුමකදී විනයාගමූර්ති මුරලිදරන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

 

තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ස්ථාවරයේම සිටින බව ඔහු අවධාරණය කර සිටියා.තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළද එම පක්ෂවලද පෙර වැරදි ඇති බව ඔහු පෙන්වා දුන්නා.

 

තමන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින බවද විනායාගමූර්ති ​ මුරලිදරන් ප්‍රකාශ කරනවා.

 

views

836 Views

Comments

arrow-up