ඉන්දියාවෙන් ලංකාවට පැමිණි සාරි වෙළෙන්දාට කොරෝනා – සාරි ගත්ත පවුල් නිරෝධායනයට

යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය කේතිෂ්වරන් ප්‍රකාශ කර සිටියේ.
මෙම සාරි වෙළෙන්දාගෙන් සාරි මිලට ගනු ලැබූ යාපනයේ සාරි ව්‍යාපාරිකයින් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙලෙස නිරෝධායනයට ලක් කොට ඇති බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කලේ.
යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදීතව ඇති බවට තහවුරු කළ බවයි මෙහිදී යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියේ.
949 Views
Comments