මහියංගනයේ අයවැයෙන් හය දෙනෙකු රෝහලේ

මහියංගණය ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනා හේතුවෙන් මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ගැටුම දුරදිග යාමෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි වාර්තා වන්නේ.
2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ දෙවන අයවැය යෝජනාවලිය ද පරාජය වීමත් සමග පසුගිය 8 වනදා එජාප පාක්ෂිකයින් සහ පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් ප්‍රාදේශීය සභා භූමියෙන් පිටත සිදුව ඇති අතර පොලිසියට ගෙන් වා දෙපිරිස සමථයකට පත්කර විසුරුවා හැර තිබෙනවා.
යළි පොලිසියෙන් පිටව යන අවස්ථාවේදී ගේට්ටුව අසල පහරදීමක් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
එයින් තුවාල ලැබූ හයදෙනෙකු මහියංගන මුලික රෝහලට ඇතුළත් කළ බව සඳහන්.
743 Views
Comments