ජනතාවට වඩා සංවේදී ආණ්ඩුවක් ජනතාව විසින්ම තෝරා පත් කර ගෙන තිබෙනවා – ශෙහාන් සේමසිංහ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

ජනතාවට වඩා සංවේදී ආණ්ඩුවක් ජනතාව විසින්ම තෝරා පත් කර ගෙන තිබෙනවා – ශෙහාන් සේමසිංහ

ජනතාවට වඩා සංවේදී ආණ්ඩුවක් ජනතාව විසින්ම තෝරා පත් කර ගෙන තිබෙනවා – ශෙහාන් සේමසිංහ

ජනතාවට වඩා සංවේදී ආණ්ඩුවක් ජනතාව විසින් ම තෝරා පත් කර ගෙන තිබෙන බවත් ඊළඟ අවුරුදු 05 තුළ දීප්තිමත් අනාගතය වෙනුවෙන් රට ගොඩ නගන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.
ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතාවට බලපාන සියලු ගැටලු සඳහා විසඳුම් සියල්ල ලබාදී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
උපාධිධාරීන්ට රැකියා ලබදීම සඳහා රජය කටයුතු කර තිබෙන බවත් උපාධිධරීන් 61ක් දහසක් වෙනුවෙන් රැකියා ලබාදෙන බවත් සාපෙළ සමත් නොවූ ලක්ෂයකට ද රැකියා ලබාදෙන බවත් ඒ අනුව 161000කට රාජ්‍ය සේවයේ රැකියා වරම් ලබාදෙන බවද පැවසීය.
තරුණ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන එකම ආණ්ඩුව මෙය බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර මත්ද්‍රව්‍ය හා පාතාලය මුලිනුපුටා දැමීමට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයගේ නායකත්වයෙන් සිදු කෙරෙන බවද පැවසීය.

 

views

921 Views

Comments

arrow-up