දෙපාර නාන්න එපා. මල්වලට වතුර දාන්න එපා. කාර් හෝදන්න එපා - වාසු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
04

දෙපාර නාන්න එපා. මල්වලට වතුර දාන්න එපා. කාර් හෝදන්න එපා - වාසු

දෙපාර නාන්න එපා. මල්වලට වතුර දාන්න එපා. කාර් හෝදන්න එපා - වාසු

අධික වියළි කාලගුණය නිසා ජල ඉල්ලුම වැඩි වීමෙන් ජල සැපයුම අර්බුදයට ලක්ව ඇති බවත් එහෙයින් ප්‍රවේශමෙන් ජලය පාවිච්චි කරන ලෙස තමන් පාරිභෝගිකයින්ට අනතුරු හඟවන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

 


"වියළි කාලගුණ තත්වය තුළ ජල පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඒ තරමටම අවශ්‍ය ලෙස හදිසියේම ජල සැපයුම වැඩි කරන්නට පුළුවන්කමක් නෑ. ජලය නැතිනිසා නෙවෙයි, අපට තියෙන පිරිපහදුවල ධාරිතාවය වැඩිකරන්න බැරි නිසා හදිසියේ. පිරිපහදුවක් හදන්න අවුරුද්දක් හමාරක් යනවා. 

 


ඒනිසා ජලය වැඩියෙන් භාවිතා වෙනකොට නළ පද්ධතියේ පීඩනය අඩුවෙනවා. එතකොට හැම පැත්තකටම ජලය බෙදීයාම අඩුවෙනවා. වඩාත් උස්බිම්වලට යනකොට එය තවත් අඩුවෙනවා. මෙන්න මේකයි තත්වය. 

 


මේ වැඩි ජල පරිභෝජනයේ වැරදිකාරයෝ කවුද ? අපි හැමෝම වැරදිකාරයෝ. දෙපාර නානවා මේ දවස්වල. මං පළමුවෙන්ම අනතුරු හඟවන්න ඕනෙ මේ ලොකු ගෙවතු තියෙන පොහොසත් උදවිය ඒවා අලංකාරව තබාගැනීමට මේ පිරිපහදු කරපු ජලය පාවිච්චි කරනවා. ඒකට තහනමක් නෑ.

 

නමුත් මේ වෙලාව පැලවලට වතුර දාන වෙලාවක් නෙවෙයි. මගේ ගෙදර කුඩා ගෙවත්තෙ පැල මැරී යනවා, මම දුකෙන් බලාගෙන ඉන්නවා, නමුත් මේ පිරිපහදු වතුර මම යොදන්නෙ නෑ. කාර් හෝදන්නෙ නෑ, නමුත් ඒ ඔක්කොම කරනවා ලොකු මිනිස්සු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

views

774 Views

Comments

arrow-up