කොරෝනා නිසා ඇතිවුණු ජාතිවාදයට ඉතාලි තරුවකින් අතුල් පහරක්

ඔබ මේ දිනවල අහන දකින බලන , සියල්ලම වාගේ අවධානය යොමු වී තිබෙන්නේ කොරෝනා වයිරසය හෙවත් Covid -19 වෙතයි. ඔබ දන්නවා චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය වර්තමානය වන විට රටවල් 130 ක් පමණ සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්තව අවසන්. ඔබ දන්නවා චීනයට පමණක් දෙවැනි වෙමින් මීළඟ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රට බවට ඉතාලිය නම් කර තිබෙනවා.
දිගින් දිගටම මෙම වෛරසය පැතිර යත්ම, ඉතාලිය වසා දමා ඇති අතර, කොරෝනා භීතිකාව වැඩි වන විට වේශ නිරූපණ ශිල්පීන් නිර්මාණශීලී වෙමින් සිටී. බොහෝ වේශ නිරූපණ ශිල්පීන් මුඛ ආවරණ (masks) භාවිතයට මිනිසුන් පෙළඹවීමට විවිධ නිර්මාණ ඉදිරිපත් කරයි. ඒ හරහා ඔවුන් මුඛ ආවරණ භාවිතා කිරීමට ද පෙළඹී සිටිනවා.
කොරෝනා වයිරසය වුහාන් හි ආරම්භ වූ දා සිට ලොව පුරා ආසියානු ජනතාව අගතියට මුහුණ දී තිබේ.එක් ආසියානු කාන්තාවක් අවන්හලකින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ඇගේ ජාතිය නිසා ඇය කොරෝනා වයිරසය වාහකයෙක් බවට යන උපකල්පනය හේතුවෙනි. ලේඛකයන් පවා මේ සම්බන්ධ ව කුරිරු අදහස් දැක්වීමක් කර ඇති අයුරු දැක තිබේ.
ඉතාලියේ වයරෙග්ජියෝ හි වෙසෙන 22 හැවිරිදි වේශ නිරූපණ ශිල්පියෙකු වන එමානුවෙල් පෙට්‍රිනි වැදගත් පණිවිඩයක් යැවීමට සිය කුසලතා උපයෝගී කර ගෙන තිබෙනවා. තම නගරයේ ජාතිවාදී ක්‍රියාවන් සිදුවන බව එමානුවෙල් දුටු විට, ඔහු , ඔහු භාවිතා කරන මාධ්‍ය ඔස්සේ ඔහුගේ පණිවිඩය මිනිසුන් අතරට යැවීමට තීරණය කළේය.
‘සමහර ඉතාලියානුවන් මෙම වෛරස් ක්‍රියාව සම්බන්ධයෙන් මෑතකදී චීන ජාතිකයන් සමඟ මොනතරම් රළු ලෙස හැසිරුණා ද යන්න මම දුටුවා ,’ එමානුවෙල් පවසයි. ‘සමහර නූගත් ඉතාලියානුවන් චීන ජාතිකයන්ට පීඩා කරමින් ඒවා පටිගත කිරීම හා ඔවුන්ට බිහිසුණු වචන (“ එය ඔබේ වරදක්, ඔබේ රටට ආපසු යන්න ”) වැනි දේවල් කියමින් සිටිනු මම දුටුවෙමි,
‘ චීන ජාතිකයින්ට පමණක් වෛරසයේ වරද ලබා දීම නවත්වන්න, එය මෝඩකමකි, මිය යන අයද සිටිති ”. එමනිසාවෙන්ම මම වේශ නිරූපණ නිර්මාණය කරමින් පණිවිඩයක් යැවීමට මම තීරණය කළෙමි.
ඔහු කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා භාවිතා කරන මුහුණු ආවරණයක් ඉතා පරෙස්සමින් පින්තාරු කළ අතර, එහි සටහනකින් ඉහළට ඔසවා, මෙසේ සදහන් කරන ලදී. : ‘ඔබේ ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීමේදී නිදහසට කරුණු ලෙස කොරෝනා වයිරසය භාවිතා කිරීම නවත්වන්න.’ [ Stop using the coronavirus excuse to express your racist sh*t.’]
එමානුවෙල් සිය වේශ නිරූපණයේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් හි බෙදා ගත් අතර එහිදී එයට 4,000 කට අධික සංඛ්‍යාවකගේ කැමැත්තක් හා අදහස් ලැබී තිබේ.
‘වෛරය පැතිරවීම නවත්වන්න, උදව් පැතිරවීම ආරම්භ කරන්න’
වේශ නිරූපණ ශිල්පියා බලාපොරොත්තු වූ මෙහ්රොන් සහ ජෙෆ්රි ස්ටාර් කොස්මෙටික්ස් අයි ෂැඩෝ විසින් සත්‍ය තීන්ත ආලේපයක් නිර්මාණය කිරීම සදහා ඔහුට පැය දෙකක කාලයක් ගත වූ අතර ඔහුගේ ආකල්පය වන්නේ ඔහුගේ මේ අදහස වෛරසය තරම් ම වේගයෙන් පැතිර යන වර්ගවාදය නැවැත්වීමට ජනතාව කෙරෙහි යමි දිරිමත් කිරීමක් උත්තේජනයක් කරනු ඇති බවයි.
by Lakshani Dhananjalee Lankadhikara
Photo source : Internet
651 Views
Comments