06 ක් අලුතින්ම පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකම් ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

06 ක් අලුතින්ම පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකම් ගනී

06 ක් අලුතින්ම පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකම් ගනී

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 06 දෙනකුට රාජ්‍ය ඇමැති ධුර හිමි වී තිබෙනවා.

ඒ ශෂින්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, ජීවන් තොන්ඩමන්, අජිත් නිවාඞ් කබ්රාල්, චන්න ජයසුමන සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ටයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම

නාලක ගොඩහේවා මහතා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු

ජීවන් තොණ්ඩමන් මහතා - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්

අජිත් නිවාඩ් කබ්රාල් මහතා - මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

චන්න ජයසුමන මහතා - ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන කැබිනට් අමාත්‍යවරු

සීතා අරඹේපොළ මහත්මිය - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්


ඊට අමතරව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළ සරත් වීරසේකර මහතාටද රාජ්‍ය ඇමැති ධුරයක් හිමි වුණා.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළදල වීරසේකර මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා.

 

views

820 Views

Comments

arrow-up