ඒජාපයට තවත් පරාජයක්...
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
27

ඒජාපයට තවත් පරාජයක්...

ඒජාපයට තවත් පරාජයක්...

එක්සත් ජාතික පෙරමුණට බලය හිමි මහනුවර මහ නගර සභාවේ 2020 වසර සඳහා වන අයවැය ඊයේ දෙවන වරටත් පරාජයට පත්වුණා. 

 

 

එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 21 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 19 ක් පමණයි. 

 

 

මහනුවර මහනගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු නියෝජනය කරන අතර, ඉන් 19 දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නා. 

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්ව අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

 

2020 වසර සඳහා වන අයවැයට අදාළ ඡන්ද විමසිම පළමු වරට සිදුකරනු ලැබුවේ පසුගිය 19 වනදායි. 

 

 

එහිදී අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුවයි මෙලෙස දෙවනවරට ඊයේ දිනයේදී ඡන්ද විමසීම සිදුකරනු ලැබුවේ. මෙලෙස අවස්ථා දෙකකදී මහනුවර මහනගර සභාවේ අයවැය පරාජයට පත්වූයේ ඉතිහාසයේ පළමු වතාවටයි.

views

750 Views

Comments

arrow-up