බංග්ලාදේශයේ සිටි ලාංකිකයින් 276 ක් යළි දිවයිනට පැමිණෙයි

බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(24) දින අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන එම විශේෂ ගුවන් යානය බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට අද(24) දින අලුයම 1.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් රැගෙන පැමිණි බඩුබාහිරාදිය ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු වීමට පෙර විශබීජ හරණය කිරීමට ලක් කෙරුණා.
පසුව මෙම ගුවන් මමගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බලන්නට ද කටුනායක ගුවන් තොටුපළේ පියවර ගුවන් තිබුණා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ යොදා ගෙන , මෙම ගුවන් මගීන් පිරිස , නීරෝධායන කටයුතු සදහා එම මධ්යවස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණා.
663 Views
Comments