උසස් පෙළට ‘කැල්ක්‍යුලේටර’ භාවිතා කිරීමට අවසර හිමි වේ – අවසර දුන් විෂයන් මෙන්න

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ විෂයයන් හතරක් සඳහා පෙනී සිටින සිසුන්ට කැල්ක්‍යුලේටර හෙවත් ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණ විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ප්‍රකාශ කර සිටියා.
විභාග අපේක්ෂකයන්ට ගණක යන්ත්‍ර ලබාදීම පිළිබඳව අධ්‍යාපන විශේෂඥයන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේ පැවති ගණකාධිකාරී සේවාවේ විවෘත තරග විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට ප්‍රථම වරට ගණකයන්ත්‍ර ලබාදෙනු ලැබුවා.
උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය වර්ගයේ ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ ලබාදෙන අතර එය විභාග අපේක්ෂකයන් විසින් සපයාගත යුතුයි.
752 Views
Comments