ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ සමාජ මාධ්‍ය ලිපිය අසත්‍යයි - US Embassy

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැති බවට මේ වන විට අන්තර්ජාලයට මුදා ගත ලිපිය සම්පූර්ණ අසත්‍ය ලියවිල්ලක් බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී සදහන් කර තිබෙනවා.
ලිපියේ සඳහන් දිනය වන නොවැම්බර් 11 වන දා ඇමෙරිකාවේ මහජන නිවාඩුවක්ද වීම හාස්‍ය උපදවන්නක් වන බවයි ප්‍රකාශිකාව සදහන් කර ඇත්තේ. (නොවැම්බර් 11 යනු ඇමරිකාවේ Veterans Day. සිංහලෙන් කියනවානම් "රණවිරු දිනය")
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මහජන නිවාඩු දිනයකදී එවන් ලිපි හුවමාරු නොකරන බවද ඇය පවසා තිබෙනවා.
එමෙන්ම කිසිවකුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ අවසාන බලාධිකාරිය ඇත්තේ අදාල පුද්ගලයාගේ පුරවැසිභාවය ඇති රටේ ඇති තානාපති කාර්යාල බවද පැවසූ ඇය එතැනින් එම අවසන් ලිපි නිකුත් කර ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රය ආදී ලේඛනයන් අහෝසි කිරීම සිදු කරන බවද වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
1460 Views
Comments