මැතිවරණයක් පැවැත්වීම සඳහා සුදුසු තත්ත්වයක් තවමත් රට තුළ නෑ – JVP

මහමැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු තත්ත්වයක් තවමත් රට තුළ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
රට තුළ කුඩා රැස්වීම් පමණක් නොව පක්ෂ සාමාජිකයින් එකතු කර පවත්වනු ලබන ගෘහස්ත රැස්වීම පවා පැවැත්වීමට යහපත් වාතාවරණයක් තවම ජනතාව තුළ ගොඩ නැඟී නොමැති බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට රෝගීන් 1800 ඉක්මවා ඇති බවත් තවමත් දිනපතා රෝගීන් වාර්තා වනා බවත් සඳහන් කල ඒ මහතා ජනතාව තුළ තවමත් කුකුසක් ඇති බව පැවසීය.
කෙසේ වෙතත්, මහ මැතිවරණය පවත්වන දිනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ජාතික ජන බලවේගයේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කරන බව ද ඔහු කියා සිටියා.
655 Views
Comments