තම පාලනය කාලය තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතයි - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

තම පාලනය කාලය තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතයි - ජනපති

තම පාලනය කාලය තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතයි - ජනපති


රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

 


ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරමරටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

 

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව බව සඳහන් කෙරිණි.

 

 


පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, දේශපාලනඥයන්ගේ සහ රාජ්ය  නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වෙන බවත් පැවසීය.

 

views

766 Views

Comments

arrow-up