අගුලු ලෑම ඉවත් කිරීම සම්බන්ධයෙන් WHO නිර්දේශ හයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
08

අගුලු ලෑම ඉවත් කිරීම සම්බන්ධයෙන් WHO නිර්දේශ හයක්

අගුලු ලෑම ඉවත් කිරීම සම්බන්ධයෙන් WHO නිර්දේශ හයක්

කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා පනවා ඇති තහංචි ලිහිල් කිරීමට උත්සාහ කරන ලෝකය පුරා රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

 

එම නිර්දේශ ප්‍රකාශයට පත් කරමින් ජගත් සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්රෝස් අඩනෝම් ගිබ්‍රියේසුස් කියා සිටියේ අගුලු ලෑමේ සීමා බන්ධන ඉවත් කිරීමට පෙර සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු හයක් ඇති බවයි.

 

1. දැඩි අධීක්ෂණය, ආසාදිත සංඛ්‍යාව අඩුවෙමින් යාම සහ බෝවීම පාලනයකට යටත්ව පැවතීම;

 

2. සෑම රෝගියකුමත්, සෑම සම්බන්ධයකුත් සොයාගෙන, හුදෙකලා කොට, පරීක්ෂණ පවත්වා , ප්‍රතිකාර දීමට සමත් සෞඛ්‍ය පද්ධති පැවතීම;

 

3. සොඛ්‍ය ආයතන හා සාත්තු නිවාස වැනි විශේෂිත ස්ථාන වල වසංගතය ව්‍යාප්ත වීමේ අවදානම අවම වීම;

 

4. පුද්ගලයන් අත්‍යාවශ්‍යයෙන්ම යා යුතු වැඩපල, පාසල් සහ අනෙකුත් ස්ථාන වල වළක්වාලීමේ ක්‍රියාමාර්ග ගෙන තිබීම;

 

5. පිටතින් වෛරසය ඇතුල්වීමේ අවදානම කළමනාකරණයේ හැකියාව;

 

6. “අලුත් සම්මතය” ට හැඩ ගැසීම සඳහා ප්‍රජාවන් පුර්ණ දැනුවත්කමකින්, හවුල්කාරිත්වයකින් හා සවිබලතාවෙන් යුතු වීම.

 

අගුලු ලෑමේ සිට ලිහිල් කිරීම දක්වා වන සංක්‍රමණය අති මහත් ප්‍රවේසම් සහගතව, අදියරින් අදියර සිදු නොකළොත් පෙරලා අගුලු දමනු ලැබීමේ සැබෑ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි ලෙස අනතුරු අඟවයි.

views

820 Views

Comments

arrow-up