මියගිය කොරෝනා රෝගියාගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් චෝදනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

මියගිය කොරෝනා රෝගියාගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් චෝදනා

මියගිය කොරෝනා රෝගියාගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් චෝදනා

කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සි‍ටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇත.

 

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා පසුගිය දා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් ‍පීසීආර් පරීක්ෂණයක් ද සිදුකර තිබේ. මෙම පරීක්ෂණය සිදුකර ඇතතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ වෛද්‍යපීඨ රසායනාගාරයේ දී ය.

 

එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇතැයි සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ බව තහවුරු වී තිබිය දී පසුගිය 27 වැනි දා රෝගියා මියගියේය. ඔහුගේ දේහය මෘත දේහ ආරක්ෂිතව බහාලන බෑගයකට දමා මෘතශරීරාගාරයේ තැන්පත් කරන ලදී.  ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සැළසුම් කර තිබී ඇත. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම රෝගියා කොරෝනා යැයි තහවුරු වී ඇති බැවින් ඔහුගේ ඥාතීන් හා රෝහලට රැගෙන ආ පුද්ගලයන් ද නිරෝධායනයට යොමුකර තිබේ.

 

එසේ තිබිය දී යළිත් එම රෝගියාගේ මළ සිරුරෙන් පෙනහළු සාම්පලයක් ගෙන 28 වැනි දින අයිඩීඑච් රෝහලේ රසායනාගාරය වෙත යවා තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බලධාරීන් පවසා ඇත්තේ අයි.ඩී.එච්.

 

රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්ෂණ අනුව මෙම රෝගියාට කොරෝනා වැළඳී නොමැති යැයි තහවුරු වී ඇති බවයි. මෙම දෙවැනි පරීක්ෂණය පදනම් කරගනිමින් දේහය ඥාතීන්ට භාර දී ඇති බවත්, ඒ අනුව දේහය රැගෙන ගිය ඥාතීන් හෝමාගම නියදගල සුසානභූමියේ දී නිරෝධායන නීතිවලට අනුකූළ නොවන පරිදි අවසන් කටයුතු අද (30) සිදුකර ඇති බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින් සංගමය පවසයි.

views

1206 Views

Comments

arrow-up