නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට

නිවාඩුවට ලංකාවට ආ ලාංකිකයින් 100 යළි දකුණු කොරියාවට

නිවාඩු මත ලංකාවට පැමිණ සිටි දකුණු කොරියාවේ සේවය කළ ශ‍්‍රීලාංකික සේවකයින් සිය දෙනෙක් සිය පුද්ගලික මුදල් වියදම් කර කටාර් ගුවන් සේවයට අයත් කිවුආර් 655 ගුවන් යානයෙන් අද (30) රාත‍්‍රී 08.15ට කොරියාව බලා පිටත්ව යන බව කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානයේ කැදවුම්කරු වූ රොෂාන් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

 

ඒ මහතා මේ බව පැවසුවේ වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ කටුනායක ගුවන් තොටුපලේ සිට සම්බන්‍ධවෙමිනි.

 

කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විසිරී සිටින තුන්සියයකට ආසන්න පිරිසක් කොරියා ලංකා සහෝදර එකමුතුව ‘සිහින දේශයට මාවත’ සංවිධානය සමග සම්බන්‍ධවී ඇති බවද රොෂාන් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

 

කොරියාවේද කොරෝනා උවදුර ඇතත් තමන් මෙතක් සේවය කළ ආයතනවල විධිමත් සෞඛ්‍යාරක්‍ෂක ක‍්‍රමයන් පැවති බවද ඔහු පැවසුවේය.

 

තමන් තවදුරටත් ලංකාවේ රැදී සිටිනවා යනු කොරියානු රටේ රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමේ පසුවු බව කීවේය.

 

‘මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වයන් නිසා විදෙස් රටවල ඉන්න ශ‍්‍රීලාංකික ශ‍්‍රමික ජනතාව වගේම ඉගෙන ගන්න, පුහුණු කටයුතු ආදියට ගිය අය ආපසු ගෙන්වා ගන්න කියලා පිංසෙන්ඩු වෙනවා අපි මාධ්‍යයෙන් දැක්කා. නමුත් අපි මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමක් කියලා බොහෝ අය හිනැහේවි. අපි රැකියා කරලා රටට විදේශ විනිමය ගේන්නයි මේ යන්නේ. අපිට කොරියාවේදි කොරෝනා උවදුරෙන් අපි ආරක්‍ෂා වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියනවා. ලංකාවට කොරෝනා උවදුර ආවේ මාර්තු මාසේ වුණාට කොරියාව ජනවාරි මාසේ ඉදලාම ඊට සූදානමින් කටයුතු කළා.’

views

730 Views

Comments

arrow-up