විද්වතුන්ට විශේෂ සැලකීමක් නැහැ . ජයග්‍රහණය කළ හැකි පුද්ගලයින්ට නාමයෝජනා දෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමේදී විද්වතුන්ට විශේෂ සැලකීමක් නොකරන බවත් ජයග්‍රහණය කළ හැකි පුද්ගලයින්ට පමණක් නාමයෝජනා ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
එසේම දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
"විද්වත්ද නැද්ද කියලා නෑ, දිනන්න පුළුවන් අය ඉදිරිපත් කරනවා. විද්වත් නෙවෙයි, අපි හොඳ උගත් බුද්ධිමත් රටේ ජනතාව පිළිගන්න ප්‍රසාදවත් මිනිස්සු තමයි තරග කරන්නේ. ඒ හින්දා තමයි අපි මේ පහුගිය ජනාධිපතිවරණය දැම්මෙත්, පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නෙත් ඒක එහෙම තමයි.
ඇයි ? හිටපු මන්ත්‍රීවරු තරග කරනවා, ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ.
පාර්ලිමේන්තුවෙ කිව්වම නීතීඥයො, මහාචාර්යවරු, ලේඛකයො, ව්‍යාපාරිකයො, වතු හිමියො මේ රටේ පාර්ලිමේන්තුවෙ එක එක යුගවල ඉඳලා තියෙනවා. ඒක මහජනයා පිළි අරගෙන එවපු අය" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (28) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
679 Views
Comments